News Image
News Image
News Image
News Image
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්
ප්‍රකාශිත දිනය: 2025-07-19
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් 2025.07.19 වන දින දක්ෂිණපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා විෂය මාලාව පමණක් නොව ගුරුවරුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, ‍ අධ්‍යාපන පරිපාලන ව්‍යුහය නව ප්‍රතිසංස්කරණයට අදාළව ප්‍රතිසංස්කරණය, සිසු දරුවන්ට සමාන හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව අග්‍රාමාත්‍යවරිය ‍ පැවසුවා ය.

තවද, පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25 ක් 30ක් බවට පත්කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය හැකි බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියා ය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති ඇතුළු මන්ත්‍රිවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් , දකුණු පළාත් අධ්‍යාපන ලේකම් ඒ.යූ.වේලාරත්න යන මහත්වරුන්, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින්, අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය නියෝජනය කරන නිලධාරීන්, දකකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් ඇතුළු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විෂය අධ්‍යක්ෂවරුන් සහභාගි වූහ .