අංශ

අභ්‍යන්තර විගණන අංශයේ කාර්ය භාරය

  1. ශාඛාවේ පරිපාලන කටයුතු සිදු කිරීම.

  2. ශාඛාවේ දෛනික තැපෑල සම්බන්ධ රාජකාරි

  3. බඩු වට්ටෝරු පොත සහ අදාල ලේඛන පවත්වාගෙන යාම.

  4. විමසුම් සම්බන්ධ ත්‍රෛමාසික වාර්තා නියමිත දිනට ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කිරීම.

  5. විගණන හා කලමණාකරණ කටයුතු පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම සහ කමිටු තීරණ අදාල නිලධාරින්ට දැනුම් දීම.

  6. විගණන විමසුම් සඳහා පිළිතුරු ලැබීම නොලැබීම සම්බන්ධ වාර්තා තබා ගැනීම හා තෙසතියකට වරක් ප්‍රගතිය ගණකාධිකාරිට ඉදිරිපත් කිරීම.

  7. විගණන කටයුතු සම්බන්ධ ප්‍රගති සමාලෝචනයට තොරතුරු සකස් කිරීම.

  8. වාර්ෂික අභ්‍යන්තර විගණන වැඩසටහන් සකස් කිරීම.

  9. වාර්ෂික අභ්‍යන්තර විගණන වැඩසටහන් අනුව විගණන කටයුතු සිදු කිරීම හා අභ්‍යන්තර විගණනයක් අවසන් වී විමසුමක් නිකුත් කිරීම.

  10. විගණකාධිපති නිකුත් කර ඇති විගණන විමසුම් වලට පිළිතුරු සකස් කර විගණකාධිපති වෙත යැවීම සහ අදාල විගණන විමසුම් ලේඛනය යාවත්කාලීනව නඩත්තු කිරීම.

  11. දකුණු පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ විසින් නිකුත් කරනු ලබන විගණන විමසුම් සම්බන්ධ පිළිතුරු සකස් කර අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ වෙත යැවීම සහ අදාල විගණන විමසුම් ලේඛන යාවත්කාලීන කිරීම.

  12. විගණන විමසුම් ඇති නැති බවට වාර්තා නිකුත් කිරීම (ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ගුරු සේවය, අධ්‍යාපන ලිපිකරු කාර්ය මණ්ඩලය)

  13. ගුරු භවතුන්ට ලබා දී ඇති කාලසටහන් විගණනයට ලක්කර ප්‍රමාණවත් කාලසටහන් ලබා දී නොමැති ගුරු භවතුන් පිළිබඳ අභ්‍යන්තර විගණන කටයුතු සිදුකිරිම.

  14. සියළු රාජකාරි සම්බන්ධව ප්‍රගති වාර්තාවක් සැකසීම.

  15. පාසල් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල, පළාත් අධ්‍යාපන කාර්යාල විගණනය (විගණන සැලැස්මට අනුව)

  16. ගුරු භවතුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක ප්‍රගතිය සකස් කිරීම.

  17. ගුරුභවතුන් සහ අනෙකුත් නිලධාරින් විශ්‍රාම ගැන්වීමේ කටයුතු සම්බන්ධව මාසික ප්‍රගති වාර්තා සැකසීම හා ඊට අදාල අංශ වෙත ඉදිරිපත් කිරීම.

  18. බැංකු සැසදුම් පිළිබඳ ප්‍රගති වාර්තා මාස 06 කට වරක් සකස් කිරීම.

  19. විගණන විමසුම්, විගණන ජේද සහ පසු විපරම් සඳහා සිහිකැදවීම් කිරීම.

  20. ගුරු භවතුන් විසින් තම වාර සටහන් නියමිත පරිදි විදුහල්පතිවරු වෙත ඉදිරිපත් කරන්නේද යන්න සෑම පාසල් වාරයක් ආරම්භයේදීම අභ්‍යන්තර විගණන පරීක්ෂාවට ලක් කිරීම.

  21. ගුරු භවතුන් විසින් නියමිත පරිදි තම දින සටහන් විදුහල්පති වෙත ඉදිරිපත් කොට, අනුමත කරගෙන, පංති ඉගැන්වීම් කටයුතු කර ඇත්ද යන්න පිළිබඳ සෑම පාසල් වාරයකදීම අභ්‍යන්තර විගණනයට ලක් කිරීම.

  22. වාර්ෂිකව විගණකාධිපති වාර්තාවට පිළිතුරු සකස් කර විගණකාධිපති වෙත සහ පළාත් රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීම.

  23. පළාත් ගිණුම් කාරක සභාව විසින් කරන දැනුම් දීමට අනුව අදාල පසුවිපරම් වාර්තාවන්ට පිළිතුරු සකස් කර විගණකාධිපති වෙත හා පළාත් රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත ඉදිරිපති කරිම.

  24. විගණකාධිපති වාර්තාවට අනුව පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවට අදාල පිළිතුරු සකස් කර යැවීම.

  25. පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නියමයන්ට අනුව අදාල තොරතුරු සකස් කර ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කිරීම.

  26. නිරන්තර විගණන විමසුම් වලට භාජනය වන කරුණු පිළිබඳව පාසල් පද්ධතිය දැනුවත් කිරීමට කටයුතු කිරීම.

  27. පාසල් පද්ධතියේ පවතින පරිපාලනම ගිණුම් සහ අනෙකුත් ගැටළු අවම කර ගැනීම සඳහා අදාල පාර්ශව සම්බන්ධීකරණය කොට දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

  28. පිටස්තර පාර්ශවයන් සඳහා වාර්තා ඉදිරිපත් කිරීම. I. පළාත් ආණ්ඩුකාරතුමා
    II. ප්‍රධාන ලේකම්
    III.පළාත් පෙත්සම් කාරක සභාව
    IV. පළාත් ගිණුම් කාරක සභාව
    V. අල්ලස් කොමිසම
    VI. රේඛීය අධ්‍යාපන ලේකම්
    VII.පළාත් අධ්‍යාපන ලේකම්
    VIII.පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව
    IX. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව
    X. පළාත් උපදේශක කාරක සභාව
    XI. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව
    XII.සහකාර විගණකාධිපති / විගණකාධිපති විසින් ඉදිරිපත් කරන විගණන විමසුම් හා විගණන ජේද වලට පිළිතුරු නියමිත කාලය තුල ඉදිරිපත් කිරීම.

දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය
භාගත කිරීම්
2020 වර්ෂයේ රජයේ නිවාඩු දින
අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය
අධ්‍යාපන ආයතන තොරතුරු සංග්‍රහය මෙතැනින් භාගත කර ගන්න.

Department of Education Southern Province SPEDU