2024(2025) සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් දකුණු පළාත දිවයිනේ පළමු තැනට.
ප්‍රකාශිත දිනය: 2025-07-12
2024(2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දකුණු පළාත අනෙකුත් පළාත් අභිබවා අඛණ්ඩව එකොළොස් වන වරටත් පළමු ස්ථානයට දිනා ගනිමින් නොමැකෙන විශිෂ්ටත්වයේ පියවරක් සටහන් කරයි. මෙම විභාගයට සිසුන් 41909ක් ඉදිරිපත් වූ අතර, සිසුන් 31702දෙනෙකුට උසස් පෙළට සුදුසුකම් ලබා ඇත. එය 2024 වර්ෂ්යේ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 75.64%ක්.