|
Untitled Document
|
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඉතා දියුණු අවධියක පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ කලාප අධ්‍යාපන කාර්යාල සතුව වෙබ් අඩවියක් නොතිබීම වීශාල අඩුවක් විය. එම අඩුපාඩුව මඟහරවාගනිමින් ලංකාවේ පළමු වරට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා සියළුම කලාප අධ්‍යාපන කාර්යාල එක්ව තම ආයතන සඳහා වෙබ් අඩවි නිර්මාණය කරගත හැකි වීම අප ලද සුවිශේෂ ජයග්‍රහණයකි. ජාතික ඉංග්‍රීසි හා තොරතුරු තාක්‍ෂණ වර්ෂය තුල මෙය ඉටු කළ හැකි වීම ද විශේෂත්‍වයකි.
මේ සඳහා අපට අත දුන් පිරිස නොවන්නට මෙවැන්නක් එළිදැක්වීමට නොහැකි වීමට ඉඩ තිබිනි. එබැවින්,
- මෙම කාර්යය සාර්ථක කරගැනීමට අප දිරිමත් කළ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමියට සහ දකුණු පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාට
- වෙබ් අඩවියක අවශ්‍යතාවය පෙන්වාදෙමින් ඒ සඳහා අප යොමු කළ පළාත් අධ්‍යාපන ලේකම්තුමාට
- අවශ්‍ය පහසුකම් සලසමින් අප දිරිමත් කළ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමාට, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමියට සහ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ(මුදල්)ට
- පළාත් සහ කලාප කාර්යාල වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය කිරිම සදහා විශේෂ වැඩසටහනක් සැලසුම් කර මේ සඳහා මඟ පෑදූ සැලසුම් අධ්‍යක්‍ෂතුමියට සහ එම අංශයේ කාර්ය මණ්ඩලයට
- පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි අප වෙනුවේන් පාඨමාලාව සංවිධානය කළ මේ සඳහා නිරතුරුව අප දිරිමත් කළ අපට මග පෙන්වූ රුහුණ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශාධිපති අරුණ ලොරෙන්සුහේවා මහතාට
- අප වෙනුවෙන් එම පාඨමාලාව පැවැත්වූ, නිරන්තරයෙන් අපට සහහෝගය දැක්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ නිලානි ද සිල්වා මහත්මිය අනිල් ලුවිස්හේවා මහතා ඇතුළු ආචාර්ය ම්‍ණ්ඩලයට
- වෙබ් අඩවිය සඳහා අවශ්‍ය තොරතුරු සපයමින් අපට සහයෝගය දැක්වූ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩලයට
- කලාප වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා මග සලසා දුන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන්ලාට, සැලසුම් අධ්‍යක්‍ෂතුමන්ලාට සහ සහයෝගය දැක්වූ සියළුම අධ්‍යක්‍ෂතුමන්ලාට සහ කාර්යමණ්ඩලයට
- කලාප වෙබ් අඩවි නිර්මාණය කිරීමට කැප වී කටයුතු කළ කලාප වෙබ් කණඩායම් වලට
- වෙබ් අඩවිය ස්ථාපනය කිරීම සඳහා schoolnet වෙබ් අඩවිය හරහා අවශ්‍ය පහසුකම් සලසා දුන් මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය අජිත් පැස්කුවල් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට
- අපගේ වෙබ් වෙබ් අඩවිය පිළිබඳ අදහස් දක්වමින් එය සංවර්ධනය කරගැනීමට සහයෝගය දැක්වූ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරී මහත්ම මහත්මීන්ට
- විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සියළුම දෙනාට
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් කණ්ඩායම තම විශේෂ ස්තුතිය පළ කර සිටී |
Untitled Document
|