Provincial Department of Education, Southern Province
Home Institutions Archives Statistics Links
දැක්ම:
දැනුම පදනම් කරගත් ගුණාත්මක සමාජයක් උදෙසා අධ්‍යාපන පද්ධතිය සවිබල ගන්වන, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව බවට පත්වීම.
මෙහෙවර : දැනුම පදනම් කරගත් සමාජයක් උදෙසා දකුණු පළාත් අධ්‍යාපන පද්ධතිය සදහා නිසි මඟ පෙන්වීම, සවිබල ගැන්වීම හා අඛණ්ඩ ගුණාත්මක සංවර්ධනය තුළින් විශිෂ්ටත්වය කරා මෙහෙයවීම.

Page Under Construction - Testing page

දැනුම්වත් සමාජයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්

2015 සහ 2016 වර්ෂවල 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් ( ලකුණු 70 ට වඩා වැඩියෙන් ලබා ගත්) සිසුන් සංඛ්‍යාව සහ අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකූ විට දකුණු පළාත අනෙකුත් සියළුම පළාත් අභිබවා ප්‍රථම ස්ථානයට පත්ව ඇත. මෙය දකුණු පළාතේ අධ්‍යාපන පද්ධතියේ ඵලදායී මෙන්ම ගුණාත්මක සංවර්ධනය නිරූපනය කරන ප්‍රබල සන්ධිස්ථානයකි.

තවද 2014 වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකූ විට දකුණු පළාත 3 වන ස්ථානයට පත්ව ඇති අතර 2015 වර්ෂයේ 5 වන ස්ථානය ලබා ගෙන ඇත. 2016 වර්ෂයේ මෙන්ම ඉන්පසු වර්ෂවල දකුණු පළාතේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය කර ප්‍රථම ස්ථානය කරා රැගෙන ඒම දකුණු පළාතේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීම හමුවේ ඇති එක් අභියෝගයකි.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහය

Education Department of Southern Province,
Uper Dickson Road,
Galle,
Sri Lanka.